ජනවාරි 1 වනදා සිට ශ්‍රී ලංකාවේ ගව ඝාතනය තහනම් වෙන ලකුණු
සමාජයක් නරක් වන්නේ එම සමාජයේ සිටින නරක මිනිසුන් නිසාම නොවේ. අපගේ මතය වන්නේ එය එසේ වීමට ප්‍රධාන හේතුව බහුතරයක් වූ යහපත් මිනිසුන්ගේ නිහැඬියාව නිසා බවයි. ගව ඝාතනය හලාල් ප්‍රශ්නයට වඩා සංවේදී හා ආකර්ෂණීය එකක් බවට පත් කර ගැනීමේ ඉඩකඩ වඩාත් වැඩි හෙයින් මේ පිළිබඳව යතාර්ථවාදීව සලකා බැලීමේ අවශ්‍යතාවය මතුවී ඇත. සමාජය තුල විවිධ සංවේදී මාතෘකා පදනම් කරගෙන ජනතාව උද්වේගයට පත්කොට තමන්ගේ පටු අරමුණු සාක්ෂාත් කර ගැනීමේ උත්සාහයක යෙදී සිටි.
මාංශ ආහාර අනුභවය හා සතුන් ඝාතනය පිළිබඳ මාතෘකාව සාකච්ඡා කිරීමේදී නිරායාසයෙන්ම බහුතරයකගේ ඇඟිල්ල දිගු වන්නේ ඉස්ලාම් ආගමට හා මුස්ලිම්වරුන් වෙතට බව අමුතුවෙන් කිව යුතු නොවන්නකි. මෙම තත්වය උදාවී ඇත්තේ සත්‍යය වශයෙන්ම අනවබෝධය නිසා බව අපි සිතන්නෙමු. මෙම හේතුන් නිසාම මෙම මාතෘකාව විවිධ පැතිකඩ ඔස්සේ සලකා බැලිය යුතුව ඇත. සතුන් ඝාතනය තහනම් කිරීමට විවිධ ක්ෂේත්රයන්ගෙන් යෝජනා මතුවෙමින් පවති.
එවැනි යෝජනා හා අදහස් සලකා බලා ගව ඝාතනය තහනම් කිරීමට අදාළ නීති සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයා විසින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබ තිබේ.
නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියකු සඳහන් කෙළේ එම කටයුතු ඉදිරි මාස දෙකේදී අවසන් කෙරෙනු ඇති බවයි.
මීට පෙර ජනාධිපතිවරයා සහභාගී වූ උත්සවයකදීද පවසා සිටියේ ගව ඝාතනය මෙරටින් තුරන් කිරීමට පිටරටින් ගවමස් ගෙන්වීමට මුදල් ඇමැතිවරයාට යෝජනා කරන බවත් ජනපති කී අතර පිටරට මැරවත් මෙරට මැරුවත් සත්ව හිංසනයට තමා විරුද්ධ බවත් මස් නොකන බවත් ජනපති එහිදී අවධාරණය කළේය.
එම කතාව දෙමළ භාෂාවට පරිවර්තනය කිරීම සඳහා පරිවර්තකයකු එහි සිටි අතර ඔහු දෙමළ භාෂාවෙන් කීවේ ජනපති ගවමස් නොකන බවයි. ඒ ඇසූ ජනපති කීවේ තමා ගවමස් පමණක් නොව කිසිම මසක් නොකන බවයි. වහා තම වරද නිවැරදි කරගත් පරිවර්තකයා වඩාත් උස් හඬින් ජනපති කී දේ යළි අවධාරණය කළේය.
එසේම ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වනවිටත් පිටරටින් ගව මස් ආනයනය කිරීමට අදාළ කටයුතු සම්පාදනය කරන ලෙස වෙළෙඳ අමාත්‍යංශයටද උපදෙස් දී ඇති බවයි. (උපුටා ගැනීමකි )
Harrah's Reno Casino - KSHUB
ReplyDeleteHarrah's Reno Casino is 당진 출장샵 located 경상남도 출장마사지 in Reno, Nevada. It is owned and operated by the Rincon Band of Luiseno 평택 출장마사지 Indians. The casino features over 500 상주 출장마사지 slot Rating: 4 · Review by 충청남도 출장마사지 TJ Henson